මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයේ දී එකම පහරින් එකම ප්‍රදේශයක් ඔස්සේ පිට පිට හතරේ පහර 4 ක් එල්ල කිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් අද(25) සමත් වුණා.
නෙදර්ලන්තයට එරෙහි මෙම තරගය දිල්ලි හී දී ආරම්භ වුණේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණයත් සමගයි.
ඉනිමේ තෙවැනි පන්දුවාරය Aryan Dutt විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දෙවැනි, තෙවැනි, සිව්වැනි හා පස් වැනි පන්දුවලටයි වෝනර් මෙලෙස පිට පිට හතරේ පහර 4ක් එල්ල කළේ. (දර්ශන පහතින් නරඹන්න)
අද තරගය සදහා ඔස්ට්‍රේලියාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මර්කස් ස්ටොයිනිස්ට ආබාධයක් හේතුවෙන් තරගය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට කැමරන් ග්‍රීන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
නෙදර්ලන්තය මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.