Watch : ඉෂාන් කිෂන් දවා ගැනීමට බ්‍රේස්වෙල් යොමු කළ සුපිරි දග පන්දුව

ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(27) රාත්‍රී 7ට රංචි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබා ගත්තා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 52 ක් පන්දු 35 කින් වාර්තා කළ අතර, ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 59(30) යි. ෆින් ඇලන් ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉෂාන් කිෂන් ලකුණු 4 කට දැවී ගියා.

ඒ, මයිකල් බ්‍රේස්වෙල් යොමු කළ සුපිරි දග පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (එහි දර්ශන පහතින් නරඹන්න)