ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(4)
අද දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439 කට සීමා වීමෙන් පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඊබ්‍රහීම් සඩ්‍රාන් හා නූර් අලී සඩ්‍රාන් සමත් වුණා.
ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් තිබූ එම සම්බන්ධතාවය බිද හෙලුවේ අසිත ප්‍රනාන්දු විසින්.
ඔහු යොමු කළ විශිෂ්ඨ reverse swing පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි නූර් අලී සඩ්‍රාන් ඇෆ්ඝනිස්ථාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ.
ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්.
— cric sl (@cricslvideo) February 4, 2024