2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයේ දී ඇමෙරිකා එක්සත් ජනපද පිතිකරු ස්ටීවන් ටේලර් එල්ල කළ හයේ පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.
මෙරට වේලාවෙන් අද(12) රාත්‍රී 8:00 ට නිව් යෝර්ක්හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දීය කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 110 ක් ලබා ගත්තා.
නිටිෂ් කුමාර් ලකුණු 27 ක් රැස් කළ අතර, ස්ටීවන් ටේලර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24 ක්.
ඉනිමේ 9 වැනි පන්දුවාරය ශිවම් ඩූබේ විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ පස්වැනි පන්දුවටයි ටේලර් විසින් අලංකාර හයේ පහරක් එල්ල කළේ.
මෙම හයේ පහර එල්ල කිරීමේ දී පන්දුව කෙළින්ම ක්‍රීඩාංගනයේ රැදී සිටි ආරක්ෂක නිලධාරියෙකුගේ පපු ප්‍රදේශයේ වැදීම විශේෂත්වයක්. (දර්ශන පහතින්)