පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට එරෙහිව පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීමට අද(3) සමත් වුණා.
ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 46 වැනි තරගයේ දී යි.
කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 214 ක් ලබා ගනිමින්.
එහිදී ලිවින්ග්ස්ටන් පන්දු 42 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී යි ඔහු ජොෆ්ර ආචර්ට එරෙහිව පිට පිට දැවැන්ත හයේ පහර 3ක් එල්ල කිරීමට සමත් වුණේ. එම පන්දුවාරයේ දී වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 27 ක්.
පිට පිට එල්ල කළ හයේ පහර 3 පහතින් නරඹන්න –