Watch : අගාර්වල්ගේ කඩුල්ල චමීර දවා ගත් හැටි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී බිද හෙලූ සිය 6 වැනි කඩුල්ල දවා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද(29) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 42 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී ලක්නව් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.

පංජාබ් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 35 දී බිද වැටුණා.

ඒ, නායක මයාන්ක් අගාර්වල් ලකුණු 25(17)කට දැවී යාමත් සමගයි.

දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවක් හමුවේ කේ.එල් රාහුල් රැක ගත් උඩ පන්දුවක් හමුවේ යි ඔහු දැවී ගියේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment