චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වීමට අද (21) සමත් වුණා.
චෙන්නායි හී දී අද රාත්‍රියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි නායක එම් එස් දෝනි පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සන්රයිසස් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් ලබා ගනිමින්.
අභිෂේක් ෂර්මා ලකුණු 34 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත්තා.
මහීෂ් තීක්ෂණ ලකුණු 27 කට එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් වුණා. ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ සන්රයිසස් නායක ඒඩ්න් මාක්‍රම්.
දර්ශන පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) April 21, 2023