එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය නිමා වන විට තරගය දෙපිලටම විවෘත වී තිබුණා.
දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 137ක්.
අසාඩ් ශෆික් ලකුණු 29ක් ලබා සිටියදී අවසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීම පිළිබද මෙහිදී කාගේත් වැඩි අවධානයක් යොමු වුණේ තරගයේ වැදගත්ම මොහොතක එම දැවීයාම වාර්තා වීම හේතුවෙන්.
විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වූ ඩොම් සිබ්ලි කඩුල්ලට යොමු කළ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි අසාඩ් ශෆික් දුවද්දී දැවීයාමට ගොදුරු වුණේ. (දර්ශන පහතින් නරඹන්න)
තෙවන දිනය නිමා වන විට පාකිස්තානය ඉදිරියෙන් පසුවූ ලකුණු සංඛ්‍යාව 244ක්.