ශතකයට ලකුනු 4 ක් තිබියදි පාන්ට්ගේ කඩුල්ල බිඳවැටුන හැටි

පංජාබ් හී මොහාලී ක්‍රීඩාංගණයෙදී අද ( 04 ) ආරම්භ වු ඉන්දු – ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගයෙදී සිය 05 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය අසළ අවාසනාවන්ත ලෙස දැවීයාමට රිශාබ් පාන්ට් හට සිදුවුනා.

ශ්‍රී ලංකා පන්දුයවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහරාත්මක ඉනිමක් දියත් කරමින් පාන්ට් පන්දු 97 කට පමණක් මුහුණ දෙමින් ලකුනු 96 ක් ලබා සිටි අවස්ථාවේ, ඉනිමේ 81 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සුරංග ලක්මාල් යොමු කල 5 වන පන්දුව හමුවේ ඔහු දැවී ගියා.

ඒ පන්දුව කෙලින්ම කඩුල්ලෙ වැදීමෙන්.

හයේ පහරවල් 4 ක් සහ හතරේ පහරවල් 9 ක් සමගින් රිශාබ් පාන්ට්ගේ ඉනිම ගොඩනැගුණා.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල රිශාබ් පාන්ට් ලකුනු 90 – 99 ත් අතර දැවීගිය පස්වන අවස්ථාව මෙයයි.

Comments (0)
Add Comment