පාන්ඩ්යාගේ දුර්ලභ හිට් විකට් දැවී යාම

හිට් විකට් දැවීයාම් ක්‍රිකට් පිටියේ සුලබව දැකිය හැකි දැවීයාමේ ක්‍රමයක් නොවේ.

ඉතා කලාතුරකින් අපට එවැනි දැවී යාම් ජාත්‍යන්තර පිටියේ දී මෙන්ම දේශීය තරගවලදී ද දැක ගත හැකියි.

එවැනි දැවී යාමක් ඊයේ දිනයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද සිදු වුණා.

එම අවස්ථාවට අවාසනාවන්ත ලෙස ගොදුරු වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා.(දර්ශන මෙතනින්)

අන්ඩ්‍රි රසල්ගේ පන්දුවක් හමුවේ ඔහු එලෙස දැවී යන විට පන්දු 13කදී ලබා සිටි ලකුණු සංඛ්‍යාන 18ක්.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2ක් ඇතුළත්.

Comments (0)
Add Comment