පසුගිය දා පැවැති මහ මැතිවරණයේදී අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා.
පොදුජන පෙරමුණ තුල ක්‍රීයාකාරී සාමාජීකයෙක් ලෙස කටයුතු කල හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ද ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අපේක්ෂාවෙන් පසු වුණා.
නමුත් ඔහු පසුව එම අදහස අත්හැරීමටයි පියවර ගෙන තිබුණේ.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කල සියලුම දෙනාට සුබපැතුම් එක්කරමින් තිලකරත්න ඩිල්ශාන් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් මුදාහැර තිබුණා.
එම වීඩියෝවේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ පාර්ලීමේන්තුවේ දැවැන්ත චරිත කිහිපයක් මේවන විට පරාජය වී ඇති බැවින්, වර්තමානයේ පත් වූ සියලුම දෙනාට එය පාඩමක් වනු ඇති බවයි.
එම වීඩියෝව පහතින් –