පාකිස්තානයේ පැවැත්වෙන කාශ්මීර් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල Muzaffarabad ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ජාත්‍යන්තර තරයේ ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට ක්‍රීඩා කරනවා.
මෙම තරගාවලිය යටතේ පසුගියදා පැවති තරගයකදී ඉතාමත් විශිෂ්ඨ අන්දමේ උඩ පන්දු රැකගැනීමක් ප්‍රදර්ශනය කිරීමට Overseas Warriors කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් සමත්වුණා.
තරගාවලියේ තෙවැනි තරගයේ දී Muzzaffarabad Tigers කණ්ඩායමට එරෙහිවයි ඔහු මෙම සුපිරි උඩ පන්දු රැක ගැනීම ප්‍රදර්ශනය කළේ.
එහිදී Malik Nisar දවා ගැනීම සදහා අසාම් ඛාන් මෙම උඩ පන්දුව රැක ගත්තේ සොහයිල් ඛාන් යොමු කළ පන්දුවකටයි.