ඉසුරු ඇතුළු RCB ක්‍රීඩකයින් සමු ගත් හැටි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවාලියේ දී ක්‍රීඩා කළ කණ්ඩායම වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් ඉවත් වී අවසන්.

ඒ, ඊයේ (6) පැවැති අවසන් වටයේ දෙවැනි තරගයෙන් ඔවුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වීමත් සමගයි.

මෙවර තරග වාරයේ එකම ශ්‍රී ලංකා නියෝජනය වූ ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 15න් තරග 10ක් සදහාම ක්‍රීඩා කළා.

එහිදී පන්දු 174ක් යොමු කළ ඉසුරු ලකුණු 282ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා.

ඊයේ පැවැති තරගයෙන් පරාජය වීමත් සමග ක්‍රීඩක විවේකාගාරයේ දී ආර්.සී.බී ක්‍රීඩකයින් එකිනෙකාට සමු දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින් –

Comments (0)
Add Comment