Zaka Ashraf පාකිස්තාන ක්‍රිකට් පරිපාලන කටයුතු සිදු කරන අතුරු කළමනාකරණ කමිටුවේ (Interim Management Committee (IMC) ) සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
සිකුරාදා ලාහෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ පැවැති එම කමිටුවේ සිව්වැනි රැස්වීමෙන් පසුවයි ඔහු එම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.
මීට පෙර ඔහුට මාස තුනක ධූර කාල දිගුවක් ලබා දී තිබූ අතර, එය පෙබරවාරි මස මුල අවසන් වීමට නියමිතව ඇති පසුබිමක Zaka Ashraf මෙලෙස සභාපතිත්වයෙන් ඉල්ලා අස් වී තිබීම විශේෂත්වයක්.
අතුරු කළමනාකරණ කමිටුවේ නව සභාපතිධූරයට පත් වන්නේ කවුරුන්දැයි මෙතෙක් නිවේදනය කර නැහැ.
Zaka Ashraf අතුරු කළමනාකරණ කමිටුවේ සභාපති ලෙස පසුගිය වසරේ ජූලි මාසයේ දී පත් කෙරුණු අතර, අනතුරුව මාස තුනක කාලයක් සදහා යළි ධූර කාල දිගුවක් ලබා දී තිබුණේ නොවැම්බර් මාසයේ දී යි.