අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට නවසීලන්තය සමත්ව තිබෙනවා.
ඒ, ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය ලැබූ කඩුලු අටක ජයත් සමගයි.
ඒ අනුව ශ්‍රී ලංකාව හමුවේ ලද තරගාවලි පරාජයත් සමග 6 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූ නවසීලන්තය මේ වන විට සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
නවසීලන්තයට 44.44% ක ලකුණු ප්‍රතිශතයක් හිමිව ඇති අතර, මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ එංගලන්තය 5 වැනි ස්ථානය දක්වාත්, 5 වැනි ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාව 6 වැනි ස්ථානය දක්වාත් පසු බැස තිබෙනවා.
ඉන්දියාව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.