ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ වෙන්දේසිය මේ වන විට මුම්බායි හී දී පැවැත්වෙනවා.
උපරිම වශයෙන් ක්‍රීඩිකාවන් 90 දෙනෙකු අලෙවි කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වෙන්දේසිය සදහා අද දිනයේ දී ක්‍රීඩිකාවන් 409 දෙනෙකු ඉදිරිපත් කෙරෙනවා.
වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ද ඉදිරිපත් කෙරෙන අතර, ඉන් පළමුව ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු.
ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 132 ක් පමණ) මූලික වටිනාමක් යටතේයි ඇය වෙන්දේසියට ඉදිරිපත් වුණේ.
Also Read : මන්දනාට කෝටි 15 ක වටිනාකමක් ; පළමු කාණ්ඩයෙන් අලෙවි වූ ක්‍රීඩිකාවන් මෙන්න
කෙසේ වෙතත්, ඇයව වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු පළමු අවස්ථාවේ දී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.