කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් වෙන්දේසිය ඊයේ(15) බැංගලූරුහීදී සිදු කෙරුණා.
එහිදී මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩිකාවන් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වීම කැපී පෙනුණා.
වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූයේ මුම්බායිහි තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන Simran Shaikh. ඇයව Gujarat Giants කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.9 ක මුදලකට මිලදී ගත්තා.
මේ අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් 16 හැවිරිදි තමිල් නාඩු පිතිකාරිණියක් වන G Kamilini ඉන්දීය රුපියල් කෝටි 1.60 ක මුදලකට මිලදී ගැනීමට සමත් වුණා.
උත්තර්කන්ද් පාදග පන්දු යවන ක්‍රීඩිකාවක වන Prema Rawat ඉන්දීය රුපියල් කෝටි 1.2 ක මුදලකට මිලදී ගත්තේ Royal Challengers Bengaluru කණ්ඩායමයි
මේ අතර, කොදෙව් ක්‍රීඩිකා Deandra Dottin ඉන්දීය රුපියල් කෝටි 1.7 ක මුදලකට Gujarat Giants කණ්ඩායමට අලෙවි වුණා.
වෙන්දේසියට ක්‍රීඩිකාවන් 124 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, වෙන්දේසියේදී අලෙවි වූ ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 19 ක්. ඊට විදෙස් ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ද ඇතුළත්. වෙන්දේසිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ඉදිරිපත් කර තිබුණේ නැහැ.
2025 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩිකාවන් වෙන්දේසියට පෙර UP Warriorz කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබුණා.
Players bought at the WPL 2025 auction
- Delhi Capitals: N Charani, Nandini Kashyap, Sarah Bryce (Scotland), Niki Prasad
- Gujarat Giants: Simran Shaikh, Deandra Dottin (WI), Danielle Gibson (Eng), Prakashika Naik
- Mumbai Indians: G Kamalini, Nadine de Klerk (SA), Akshita Maheshwari, Sanskriti Gupta
- Royal Challengers Bengaluru: Prema Rawat, Joshitha JV, Raghvi Bist, Jagravi Pawar
- UP Warriorz: Alana King (Aus), Arushi Goel, Kranti Goud