WPL තරගාවලියෙන් Alyssa Healy ඉවත් වෙයි

UP Warriorz කණ්ඩායමේ නායිකා Alyssa Healy සිය දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

එංගලන්තය සමග පැවැති අළුබදුන තරග මාලාව 16-0 ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුවයි ඇය ඒ බව තහවුරු කළේ.

WPL තරගාවලියේ පළමු අදියර දෙකේදී Warriorz කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඇය විසිනුයි.

මාර්තු මාසය අවසානයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තයේදී තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම තරගාවලිය සදහා ද ඇයගේ සහභාගීත්වය අවිනිශ්චිත බව සදහන්.

UP Warriorz කණ්ඩායම මෙතෙක් Alyssa Healy වෙනුවට වෙනත් ක්‍රීඩිකාවක් ආදේශ කර නොමැති අතර, නව නායිකාවක් ද පත් කිරීමට ඔවුන්ට සිදු වනවා.

Comments (0)
Add Comment