ඔක්තෝබර් 3 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
මීට වසර දෙකකට පමණ පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් Deandra Dottin ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.
කාන්තා විස්සයි 20 පිටියේ වේගවත්ම ශතකයේ උරුමකාරිය වන ඇය 2022 වසරේ දී ජාත්‍යන්තර පිටියට සමු දුන් නමුත්, පසුගිය මාසයේ දී ඇය එම තීරණය යළි සංශෝදනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසීමට තීරණය කළා.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Nerissa Crafton ද ලෝක කුසලානය සදහා වන කොදෙව් සංචිතයට ඇතුළත්.
West Indies squad for 2024 Women’s T20 World Cup
Hayley Matthews (c), Shermaine Campbelle (vt), Aaliyah Alleyne, Afy Fletcher, Ashmini Munisar, Chedean Nation, Chinelle Henry, Deandra Dottin, Karishma Ramharack, Mandy Mangru, Nerissa Crafton, Qiana Joseph, Shamila Connell, Stafanie Taylor, Zaida James