Women’s T20 World Cup : ඔස්ට්‍රේලියානු හා පාකිස්තාන සංචිත නම් කෙරේ

එළඹෙන කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සුවය ලැබූ Darcie Brown ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Jess Jonassen මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කර නොතිබීම ද විශේෂත්වයක්.

මෙම සංචිතයේ ක්‍රීඩිකාවන්ම ලබන මාසයේ දී නවසීලන්තයට එරෙහි තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

නවසීලන්තයට එරෙහි තරගාවලියට Heather Graham ද එක්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ලෝක කුසලාන තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය ද නම් කර ඇති අතර, පාකිස්තාන කණ්ඩායමේ නායිකාව ලෙස නම් කර ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩිකා ෆාතිමා සනා.

මෙය 22 හැවිරිදි ඇය විසින් පාකිස්තාන කාන්තා කණ්ඩායම විස්සයි 20 පිටියේ දී හා අයි.සී.සී තරගාවලියකදී මෙහෙයවනු ලබන පළමු අවස්ථාවයි.

සංචිතය සදහා Sadaf Shamas කැදවා ඇත්තේ Najiha Alvi වෙනුවටයි.

2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

Australia Women’s T20 World Cup squad

Alyssa Healy (c and wk), Darcie Brown, Ashleigh Gardner, Kim Garth, Grace Harris, Alana King, Phoebe Litchfield, Tahlia McGrath, Sophie Molineux, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Georgia Wareham, Tayla Vlaeminck

Pakistan squad for Women’s T20 World Cup

Fatima Sana (c), Aliya Riaz, Diana Baig, Gull Feroza, Iram Javed, Muneeba Ali (wk), Nashra Sandhu, Nida Dar, Omaima Sohail, Sadaf Shamas, Sadia Iqbal (subject to fitness), Sidra Amin, Syeda Aroob Shah, Tasmia Rubab, Tuba Hassan
Travelling reserve: Najiha Alvi (wicketkeeper). Non-traveling reserves: Rameen Shamim and Umm-e-Hani

Comments (0)
Add Comment