Women’s T20 Asia Cup : සත්කාරක ශ්‍රී ලංකාව අද තරග බිමට

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද(20) පැවැත්වෙනවා.

තරගය රාත්‍රී 7:00 ට බංග්ලාදේශයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ තෙවැනි තරගය ද අද පැවැත්වෙන අතර, එම තරගයේ දී මැලේසියාව හා තායිලන්තය එකිනෙකා මුණ ගැසීමට නියමිතව තිබෙනවා. අදාළ තරගය පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ඊයේ පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට නේපාලය හා ඉන්දියාව සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා පාකිස්තානය යන කණ්ඩායම්.

Comments (0)
Add Comment