2024 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය තියුණු මුහුණුවරක් ගනිමින් අද(26) අවසන් වූණේ ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමි කර දෙමින්.
පාකිස්තානයට එරෙහිව දඹුල්ලේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 141 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 3ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේ.
අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 26, 2024