WBBL : හැමිල්ටන්ගෙන් වාර්තාගත පන්දු යැවීමක්

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තරගයකදී කඩුලු පහක් දවා ගත් ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වීමට බ්‍රිස්බේන් හීට් කාන්තා කණ්ඩායමේ 18 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකා Lucy Hamilton සමත් වුණා. ඒ, මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමග සිඩ්නිහීදී පැවැති තරගාවලියේ 30 වැනි තරගයේදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 138 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් කණ්ඩායම පන්දුවාර 17.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

මෙල්බර්න් ඉනිම සුණු විසුණු කළ Lucy Hamilton ලකුණු 8කට කඩුලු 5 ක් දවා ගත්තා.

වසර 10 ක් පැරැණි කාන්තා බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දී පන්දු යවන්නියක් ප්‍රදර්ශනය කළ සම දෙවැනි හොදම පන්දු යැවීම ලෙස ද මෙම දක්ෂතාවය ඉතිහාසගත වුණා.

Comments (0)
Add Comment