එංගලන්තයේ පැවැති World Championship of Legends ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකා චැම්පියන්ස් කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමින් නිමාවට පත් වුණා.
ඒ, බර්මිංහැම් හි පැවැති අවසන් මහා තරගයේදී පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම කඩුලු 9 කින් පරාජයට පත්වීමත් සමගයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත්තා.
දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.
සුපිරි ඉනිමක් දියත් කළ ඒබී ඩිවිලියස් පන්දු 60කින් නොදැවී ලකුණු 120 ක් ලබා ගත්තේ හයේ පහර 7 ක් හා හතරේ පහර 12 ක් සමගින්.
මේ අතර, මෙම තරගයේ සජීවී විකාශය අතරතුර තරගාවලියේ අයිතිකරු සිදු කළ ප්‍රකාශයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට යොමුව තිබෙනවා.
නිවේදිකාවක් විසින් ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කරමින් සිටි අතර, තරගාවලියෙන් පසු මෙහි සාර්ථකත්වය සමරන්නේ කෙසේදැයි ඇය හිමිකරුගෙන් විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දැක් වූ හිමිකරු සදහන් කළේ “මෙය අවසන් වුණාට පස්සේ මම ඔබට propose කරනවා.” යනුවෙනුයි.
WCL owner proposing Anchor on live after SA became champions 😭pic.twitter.com/o8fnjBGpb8
— Div🦁 (@div_yumm) August 2, 2025