Watch : RCB වෙනුවෙන් ක්‍රීඩා කළ මංගල තරගයේදීම තුෂාර බිද දැමූ සුපිරි කඩුල්ල

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 70 වැනි තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර අද(27) අයි.පී.එල් වරම් දිනා ගත්තා.

මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 227 ක් රැස් කළා.

රිෂාබ් පන්ට් නොදැවී ලකුණු 118 ක් රැස් කළේ පන්දු 61 කින්.

පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 26 කට කඩුල්ලක් දවා ගත්තා. ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ Matthew Breetzke.

Comments (0)
Add Comment