ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සිඩ්නිහීදී අද(3) ආරම්භ වුණා. ඒ, තෙවන විනිසුරු ලබා දුන් ආන්දෝලනාත්මක විනිසුරු තීන්දුවක් ද සමගින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. මෙම තරගය සදහා ක්‍රීඩා නොකිරීමට නිත්‍ය නායක රෝහිත් ෂර්මා තීරණය කර ඇති අතර, ඒ අනුව ජස්ප්‍රිට් බුම්රා අද ආරම්භ වූ තරගයේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
ඉන්දීය ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 17 ක් තුළ බිද වැටුණා. ඉන් අනතුරුව පිටියට පිවිසි විරාත් කෝලි ද පළමු පන්දුවෙන්ම දවා ගැනීම සදහා අවස්ථාවක් ඔස්ට්‍රේලියාවට උදා වුණා.
ඒ, ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් හමුවේ දෙවන slip ක්‍රීඩකයා අතට ලබා දුන් උඩ පන්දුවක් හේතුවෙන්.
එය බිම පතිත වීමට මොහොතකට පෙර තනි අතින් රැක ගැනීමට ස්ටීවන් ස්මිත්ට හැකි වූ නමුත්, ඔහුට එම උඩ පන්දුව සිය පාලනයේ තබා ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව ඔහුගේ අතින් ගිලිහුණු පන්දුව උඩ පන්දුවක් ලෙස gully ප්‍රදේශයට ඇදී ගියා.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ මර්නස් ලබුෂේන් විසින් උඩ පන්දුව සුරැකිව රැක ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත්, එය තෙවන විනිසුරුට යොමු කෙරුණු අතර, එහිදී තීන්දු කෙරුණේ එය නොදැවී යාමක් බවයි. ස්මිත්ගේ අතින් පන්දුවේ පාලනය ගිලිහීමට පෙර එය බිම ස්පර්ශ වූ බව තෙවන විනිසුරුගේ අදහස වුණා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දක්වනු ලබනවා.
ලකුණු බින්දුවේදී පිටියේ රැදී සිටීමට කෝලි වාසනාවන්ත වූ නමුත්, ඔහු ලකුණු 17 ක් ලබා සිටියදී බෝලන්ඩ් යොමු කළ පන්දුවක් හමුවේම යළිත් slip කලාපයටම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.
පළමු පන්දුවේදී සිදු වූ සිදුවීම හා ඒ සම්බන්ධයෙන් ස්මිත් පල කළ අදහස් මෙන්ම කෝලි දැවී ගිය අයුරු ඇතුළත් දර්ශන පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) January 3, 2025
“100%. No denying it whatsoever.”
Steve Smith weighs in on whether he got his hand underneath the ball in the biggest moment of the morning. #AUSvIND pic.twitter.com/bqIy8iGIRm
— cricket.com.au (@cricketcomau) January 3, 2025
— cric sl (@cricslvideo) January 3, 2025