එංගලන්තයේ පැවැති World Championship of Legends ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකා චැම්පියන්ස් කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමින් නිමාවට පත් වුණා.
ඒ, බර්මිංහැම් හි පැවැති අවසන් මහා තරගයේදී පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම කඩුලු 9 කින් පරාජයට පත්වීමත් සමගයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත්තා.
දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.
සුපිරි ඉනිමක් දියත් කළ ඒබී ඩිවිලියස් පන්දු 60කින් නොදැවී ලකුණු 120 ක් ලබා ගත්තේ හයේ පහර 7 ක් හා හතරේ පහර 12 ක් සමගින්.
තරගාවලිය ජය ගැනීමෙන් පසු ඩිවිලියස් සෙසු ක්‍රීඩකයින් සමග ජය සැමරුවේ මේ ආකරයෙන්.
— cric sl (@cricslvideo) August 3, 2025