ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගයේදී කඩුලු 3 ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(3) සමත් වුණා.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිව මෙම තරගය බැංගලූරුහීදී ආරම්භ වූ අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු පිල කඩුලු 5 ක් දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.
විරාත් කෝලි ලකුණූ 62(33) ක් හා ජේකබ් බෙතෙල් ලකුණු 55(33) ක් ලබා ගත් අතර, අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රවේගකාමී ඉනිමක් දියත් කළ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 14 කින් නොදැවී ලකුණු 53 ක් ලබා ගැනීම කැපී පෙනුණා. එය අයි.පී.එල් ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ සම දෙවැනි වේගවත්ම අර්ධ ශතකයයි.
මතීෂ පතිරණ සිය පළමු පන්දුවාර තුන තුළ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගෙන තිබූ නමුත්, අවසන් පන්දුවාරයේදී ඔහුට එරෙහිව ලකුණු 21 ක් වාර්තා වීම කැපී පෙනුණා.
ඒ අනුව මතීෂ පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 36 කට කඩුලු 3 ක් බිද හෙලමින්. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ජේකබ් බෙතෙල්, දෙව්දත් පඩික්කල් හා රාජත් පටිදර් යන පිතිකරුවන්.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) May 3, 2025