Watch : 14 හැවිරිදි සූර්යවංශි මංගල IPL පන්දුවටම එල්ල කළ සුපිරි හයේ පහර මෙන්න

14 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක Vaibhav Suryavanshi මෙවර අයි.පී.එල් තරගාවලියේ 36 වැනි තරගයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් දිනා ගැනීමට සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීයි අයි.පී.එල් වරම් දිනා ගත්තේ.

එම තරගයේදී තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීමට Vaibhav Suryavanshi සමත් වීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

මෙම තරගයේදී ඔහු පන්දු 20 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 2 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 34 ක්.

ඔහු ඉතිහාසගත වුණේ අයි.පී.එල් වරම් දිනා ගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථානයට කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි. ඒ අනුව තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හිමි වුණා.

top
Comments (0)
Add Comment