Watch : හැරී බෲක් අවාසනාවන්ත ලෙස 99 දී දැවී ගිය හැටි

එංගලන්ත මැද පෙල පිතිකරු හැරී බෲක්ට අද අවාසනාවන්ත ලෙස ලකුණු 99 දී දැවී යාමට සිදු වුණා.

ඒ, ඉන්දියාව සමග ලීඩ්ස්හීදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 471 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 465 ක් ලබා ගත්තා.

එහිදී ඔලී පෝප් ලකුණු 106 ක් ලබා ගත් අතර, හැරී බෲක් අවසනාවන්ත ලෙස ලකුණු 99දී දැවී ගියේ ප්‍රසිද් ක්‍රිෂ්නාගේ පන්දුවක් හමුවේයි.

Comments (0)
Add Comment