Watch : හන්ඩ්‍රඩ් පිටියම මවිතයට පත් කළ සෝල්ට්ගේ සුපිරි උඩ පන්දුව

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට Manchester Originals කණ්ඩායමේ පිල් සෝල්ට්ට හැකි වුණා.

නොටින්හැම්හීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔරිජිනල්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 98 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රොකට්ස් පිල පන්දු 74 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රොකට්ස් ඉනිම අතරතුර මැක්ස් හෝල්ඩන් ලකුණු 7කට දවා ගැනීම සදහායි සෝල්ට් mid-off කලාපයේ සිට මෙම සුපිරි උඩ පන්දුව එක් අතකින් රැක ගැනීමට සමත් වුණේ.

Comments (0)
Add Comment