Watch : හතරේ සීමාව ආසන්නයේ සිට Mousley රැක ගත් සුපිරි උඩ පන්දුව

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් (පිරිමි) ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට Birmingham Phoenix කණ්ඩායමේ Dan Mousley සමත් වුණා.

London Spirit කණ්ඩායමේ Adam Rossington එක් ලකුණකට දවා ගැනීම සදහායි ඔහු හතරේ සීමාව ආසන්නයේ සිට මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් London Spirit ඉනිමේ 23 වැනි පන්දුවේ දී තෙවැනි කඩුල්ල ලෙස Rossington දැවී යන විට ලකුණු සංඛ්‍යාව සටහන්ව තිබුණේ 29/3 ක් ලෙසයි.

Comments (0)
Add Comment