Watch : සුපිරි පන්දු දෙකකින් තීක්ෂණ දවා ගත් කඩුලු දෙක

ශ්‍රී ලංකා – කොදෙව් තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී අනර්ඝ පන්දු දෙකක් යොමු කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු දෙක පවර්ප්ලේ අවස්ථාව තුළ දී දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(17) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස එවින් ලුවිස් පළමු පන්දුවාරයෙන්ම දැවී ගියේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි. බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 23 කට දැවී ගියා.

එම කඩුලු දෙකම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් දවා ගැනීමට තීක්ෂණ සමත් වුණා.

Comments (0)
Add Comment