ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(8).
අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සිව්වැනි කඩුල්ල ලෙස ට්‍රිස්ටන් ස්ටබ්ස් අද දිනයේදී දුවද්දී දැවී යාමකට හසු වුණා.
දකුණු අප්‍රිකා මුළු ලකුණු පුවරුව 213 ක් ලෙස සටහන්ව තිබියදී ස්ටබ්ස් දුවද්දී දැවී ගියේ ලකුණු 47 ක් ලබා සිටියදීයි.
දර්ශන පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) December 8, 2024