Watch : සිරාජ්ට තරු විසිවෙන්න බෲක් ගහපු අමුතු හයේ පහර මෙන්න

සංචාරක ඉන්දීය කණ්ඩා‍යම සහ එංගලන්ත කණ්ඩා‍යම අතර පැවැත්වෙන 5 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (1) දෙවන දිනටත් ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අද දිනයේදී එංගලන්ත පළමු ඉනිම අතරතුර වටිනා ඉනිමක නිරත වෙමින් හැරී බෲක් එල්ල කල සුපිරි හයේ පහරක් තරග විස්තර විචාරකයන්ගේ මහත් පැසසුමට ලක්වන අයුරු දක්නට ලැබුණා.

ඉනිමේ 48 වන පන්දුවාරයේදී මොහොමඩ් සිරාජ් යොමු කළ පන්දුවකටයි ඉතාමත් අලංකාර අයුරින් ස්වීප් පහරකින් ඔහු මෙම හයේ පහර එල්ල කළේ.

එය තරගය සජීවීව නරඹමින් සිටි බොහෝ ප්‍රේක්ෂකයන් ද විශ්මයට පත් කළ පහරක් බවට පත් වූ අයුරු දක්නට ලැබුණා.

Comments (0)
Add Comment