Watch : සිරාජ්ගේ වාග් ප්‍රහාරයට කොන්වේ සිනහවෙන් දුන් පිළිතුර

ඉන්දු-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් හා නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ අතර පන්දුවාරයක් අතරතුර දී යම් වචන හුවමාරුවක් සිදු වූ අතර, ඒ පිළිබද මේ වන විටත් ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

බැංගලූරුහී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 46 කට දැවී ගියා. පිළිතුරු ලෙස නවසීලන්තය සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අතරවාරයේදීයි ඔවුන් දෙදෙනා අතර යම් වචන හුවමාරුවක් සිදු වුණේ.

නවසීලන්ත ඉනිමේ 15 වැනි පන්දුවාරය මොහමඩ් සිරාජ් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේදී කොන්වේ විසින් එක් හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුණා.

ඉන් අනතුරුව යොමු කළ පන්දු කිහිපයකදී සිරාජ් යම් ආවේගයකින් යුතුව කොන්වේ වෙත අදහස් ප්‍රකාශ කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

Comments (0)
Add Comment