Watch : සිරාජ්ගේ කඩුලු 6 හමුවේ දකුණු අප්‍රිකාව 55 ට දැවී යයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා වැඩබලන නායක ඩීල් එල්ගර් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, මොහමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය වේග පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55 ක් පමණයි.

එය දකුණු අප්‍රිකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී දැවී ගිය 8 වැනි අවම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම 1932 වසරෙන් පසුව දකුණු අප්‍රිකාව දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙම ලකුණු ප්‍රමාණයයි.

Kyle Verreynne ලකුණු 15 ක් හා David Bedingham ලකුණු 12 ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

ආරම්භක පිතිකරුවන් වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු දෙකකටත්, ඩීන් එල්ගර් ලකුණු 4කටත් දැවී ගියා. ටොනි ද සෝර්සි රැස් කළේ ලකුණු දෙකක් පමණයි. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු තුනකට දැවී ගියා. මාර්කෝ ජන්සෙන්ට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් කඩුලු හයක් බිද‌ හෙලුවේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්. (සිරාජ් දවා ගත් කඩුලු පහතින් නරඹන්න) ජස්ප්‍රිට් බුම්රා හා මුකේෂ් කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්තා.‍

big 3
Comments (0)
Add Comment