සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ඉන්දිය කණ්ඩායම තරගවදින තෙවන ටෙස්ට් තරගයේ 4 වැනි දිනය අද (13) ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියෙදී ආරම්භ වුනා.
දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්තයේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට්ව ඉනිමේ හයවන පන්දුවාරයේදී දවාගැනීමට මොහොමඩ් සිරාජ් සමත්වු අතර ඒ මොහොතේදී ඉතාමත් ආවේගශීලි අයුරින් ඔහු කඩුල්ල සැමරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුන කරුනක් වුනා.
එලෙසින් බෙන් ඩකට් ලකුනු 12(12) කට දැවී ගියා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට රැස්කල ලකුනු සංඛ්‍යාව 387 ක්. ඉන්දියාව ද සිය පළමු ඉනිමට ලකුනු 387 ක් රැස්කලා.
— cric sl (@cricslvideo) July 13, 2025