Watch : සිම්බාබ්වේ අන්ත අසරණ කරමින් උස්මාන් තරික්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක Usman Tariq අද සිය දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරමින් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට සමත් වුණා.

ඒ, පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 තරගාවලිය යටතේ සිම්බාබ්වේ සමග පැවැති තරගයේදීයි.

රාවල්පින්ඩිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 19 ක් අවසනායේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

එහිදී Usman Tariq පන්දුවාර 4 තුළදී කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 18 ක් ලබා දෙමින්.

ඔහු ඉනිමේ 10 වැනි පන්දුවාරයේදී පිළිවෙලින් Tony Munyonga, Tashinga Musekiwa හා Wellington Masakadza දවා ගනිමිනුයි සිය කඩුලු ත්‍රිත්වය බිද හෙලුවේ.

ඒ අනුව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගත් සිව්වැනි පන්දු යවන්නා ලෙස ඔහු ඉතිහාසගත වුණා.

මෙම ජයත් සමග පාකිස්තානය තරගාවලියේ අවසන් තරගයට ද සුදුසුකම් ලැබුවා.

top
Comments (0)
Add Comment