Watch : සැන්ට්නර් දවා ගන්න පැතුම් රැක ගත් අනර්ඝ උඩ පන්දුව

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට පැතුම් නිස්සංක අද(17) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

නවසීලන්ත ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස නායක මිචෙල් සැන්ට්නර් දවා ගැනීම සදහා පැතුම් නිස්සංක විසින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ද මෙම තරගයේ දී දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් උඩ පන්දු කිහිපයක්ම රැක ගැනීමට සමත් වුණා.

Comments (0)
Add Comment