Watch : සැන්ට්නර්ගේ full toss පන්දුවකට කෝලි දැවී ගිය හැටි

ඉන්දියාව හා නවසීලන්තය අතර පූනේහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(25)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටියා. ඒ, නවසීලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 259 ට පිළිතුරු ලෙසයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ෂුබ්මන් ගිල් ලකුණු 30 කට දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාත් කෝලි ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

මිචෙල් සැන්ට්නර් යොමු කළ full toss පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි කෝලිට යළි ක්‍රීඩාගාරය බලා හැරී යාමට සිදු වුණේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment