බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයේදී අති විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් සුපිරි ශතකයක් වාර්තා කිරීමට සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ටීවන් ස්මිත් අද සමත් වුණා.
සිඩ්නිහීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි.
පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා. ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 110 ක් රැස් කළේ පන්දු 65 කින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා තරගය ජය ගත්තා.
ස්මිත් පන්දු 42 කින් ලකුණු 100 ක් ලබා ගත්තේ හයේ පහර 9ක් හා හතරේ පහර 5 ක් සමගින්.
ඔහු එල්ල කළ එක් හයේ පහරක් මීටර් 107 ක් දුරට එල්ල කිරීමට සමත් වීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් අවස්ථාවක් බවට පත් වුණා.
එහි දර්ශන පහතින් නරඹන්න –
YOU ARE JOKING!
Steve Smith has just hit a 107-metre six at the SCG. #BBL15 pic.twitter.com/vShVmqtXfe
— KFC Big Bash League (@BBL) January 16, 2026