Watch : ස්ටක් සිහි ගන්වමින් තරගයේ පළමු පන්දුවාරයේදීම ගුර්බාස් සුපිරි යෝකර් පන්දුවකට ගොදුරු වූ හැටි

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේ පළමු පන්දුවාරයේදීම විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ කඩුල්ල දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ස්පෙන්සර් ජොන්සන් අද(28) සමත් වුණා.

තරගය ලාහෝර්හී ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගයේ පළමු පන්දුවාරයේදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ගුර්බාස් දැවී යන විට ඔහු කිසිදු ලකුණක් ලබා සිටියේ නැහැ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment