Watch : සර්ෆරාස්ගේ මංගල ටෙස්ට් ශතක සැමරුම

ඉන්දු-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද(19) දිනයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඉන්දීය මැදපෙල පිතිකරු සර්ෆරාස් ඛාන් සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් දිවා ආහාරය සදහා තරගය නියමිත කාලයට පෙර අවසන් කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 344 ක්.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 46 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 402 ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියාව දිවා ආහාරයට තරගය නතර කරන විට පිටුපසින් පසු වූයේ ලකුණු 12 ක් පමණයි.

සර්ෆරාස් ඛාන් නොදැවී ලකුණු 125 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Comments (0)
Add Comment