සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරයේ දෙවැනි දිනය වූ අද දිනයේදී සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා.
ඒ, ඔහු ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මුණ ගැසීමයි.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි මෙම සුපිරි ක්‍රීඩකයින් දෙදෙනාගේ හමුව සිදු වුණේ. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේදී මෙම හමුව සිදු වුණා.
ක්‍රීඩා පිටියේදී අංක 10 ජර්සියෙන් තරග වැදුණු මෙම පුරාවෘතයන් දෙක අදාළ හමුවේදී සුවිශේෂී ත්‍යාග දෙකක් ද හුවමාරු කර ගැනීම විශේෂත්වයක්.
එහිදී සචින් විසින් 2011 වසරේදී තමන් ලෝක කුසලානය ජය ගත් ඉන්දීය ජර්සිය මෙසී වෙත පිරිනමනු ලැබුවා.
ඊට ප්‍රතිචාර ලෙස මෙසී විසින් ඔහුට පිරිනමනු ලැබුවේ 2026 පාපන්දු ලෝක කුසලානය සදහා යොදා ගන්නා නිල පාපන්දුවයි.
දර්ශන කිහිපයක් පහතින් –
— cric sl (@cricslvideo) December 14, 2025
VIDEO FOR THE AGES – SACHIN TENDULKAR AND LEO MESSI ON THE SAME STAGE. ❤️ pic.twitter.com/mnV1KP4pZj
— Mufaddal Vohra (@mufaddal_vohra) December 14, 2025
The way Lionel Messi met Sachin Tendulkar and patted him on the shoulder has my whole heart 🤍🥹. pic.twitter.com/7NgtbC4kms
— 𝐉𝐨𝐝 𝐈𝐧𝐬𝐚𝐧𝐞 (@jod_insane) December 14, 2025
Must say, today was a 10/10 day Leo Messi 😉 pic.twitter.com/L6AaYY1PdL
— Sachin Tendulkar (@sachin_rt) December 14, 2025