Watch : සචින් සිය ලෝක ශූර ජර්සිය මෙසීට පුදයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරයේ දෙවැනි දිනය වූ අද දිනයේදී සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා.

ඒ, ඔහු ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මුණ ගැසීමයි.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි මෙම සුපිරි ක්‍රීඩකයින් දෙදෙනාගේ හමුව සිදු වුණේ. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේදී මෙම හමුව සිදු වුණා.

ක්‍රීඩා පිටියේදී අංක 10 ජර්සියෙන් තරග වැදුණු මෙම පුරාවෘතයන් දෙක අදාළ හමුවේදී සුවිශේෂී ත්‍යාග දෙකක් ද හුවමාරු කර ගැනීම විශේෂත්වයක්.

එහිදී සචින් විසින් 2011 වසරේදී තමන් ලෝක කුසලානය ජය ගත් ඉන්දීය ජර්සිය මෙසී වෙත පිරිනමනු ලැබුවා.

ඊට ප්‍රතිචාර ලෙස මෙසී විසින් ඔහුට පිරිනමනු ලැබුවේ 2026 පාපන්දු ලෝක කුසලානය සදහා යොදා ගන්නා නිල පාපන්දුවයි.

දර්ශන කිහිපයක් පහතින් –

top
Comments (0)
Add Comment