Watch : ශතකලාභියාත් සුරංගට ගොදුරු වෙයි

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පළමු පෙල සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය (County Championship) යටතේ බ්‍රහස්පතින්දා(7) ආරම්භ වූ ඩර්බිෂයර් හා මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් අතර තරගයේ පළමු දිනයේ දී ඩර්බිෂයර් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 307ක් ලබා සිටියා.

Joshua De Caires ලකුණු 80ක් හා Stephen Eskinazi ලකුණු 118ක් රැස් කළා.

ශතකලාභී Eskinazi ගේ කඩුල්ල හා ආරම්භක පිතිකරු Mark Stoneman ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ මෙම තරගයේ දී පළමු වරට ඩර්බිෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනූ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්.

ඔහු තරගයේ පළමු දිනයේ දී පන්දුවාර 22ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 77කට කඩුලු 2 දවා ගත්තා.

දෙවැනි කඩුල්ලේ දර්ශන පහතින් –

Comments (0)
Add Comment