Watch : ශඩාබ් BBL පිටිය හොල්ලයි – දවා ගත් සුපිරි කඩුලු 4 මෙන්න

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් කාන් සිය බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය අද (22) ප්‍රදර්ශනය කළා.

බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමග පැවැති මෙවර තරගාවලියේ 9 වැනි තරගයේදීයි සිඩ්නි තන්ඩර් වෙනුවෙන් ඔහු මෙම සුපිරි පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ.

කැන්බරාහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හීට් කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

හීට් ඉනිම වැනසූ ශඩාබ් පන්දුවාර 4 තුළදී ලකුණු 24 කට දවා ගත් කඩුලු ගණන 4 ක්.

ඔහු බිද හෙලූ කඩුලු හතර පහතින් නරඹන්න –

Comments (0)
Add Comment