ඉන්දියාවේ ප්‍රමුඛතම පළමු පෙල තරගාවලිය වන රංජි කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා වසර 13 කට පමණ පසුව පිටියට පිවිසි ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු හයකට දවා ගැනීමට Himanshu Sangwan අද(31) සමත් වුණා.
මෙම තරගය Delhi කණ්ඩායම හා Railways කණ්ඩායම අතර දිල්ලිහීදීයි පැවැත්වෙන්නේ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් Railways කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබා ගත්තා.
පිළිතුරු දිල්ලි ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි කෝලි පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ලකුණු හයකට දැවී ගියේ.
මෙම තරගයට කෝලි ක්‍රීඩා කරන බැවින් තරගය නැරඹීම සදහා දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් ද රැස්ව සිටිනවා.
පසුගිය කාලයේදී ඉන්දීය කණ්ඩායම දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෑතකදී ඉන්දීය ක්‍රීඩකයින් සදහා නව නීති 10 ක් පැනවීමට කටයුතු කළා. ඒ අනුව මධ්‍යම කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයින්ට දේශීය තරග ක්‍රීඩා කිරීම ද අනිවාර්යය කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ අනුවයි කෝලි මෙම තරගය සදහා ක්‍රීඩා කරන්නේ.
දර්ශන පහතින් –
Harish Sangwan Knocked Out Virat King Kohli , At The Score of 6 (Full Crowd Reaction + Celebration) #ViratKohli𓃵 | #ViratKohli pic.twitter.com/QBHLRfsLKb
— 𝐒𝐑𝐈𝐉𝐀𝐍 🇮🇹 (@LegendDhonii) January 31, 2025