මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 63 වැනි තරගයෙන් අනතුරුව වර්ෂාව මධ්‍යයේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට සිදු වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දුර්ලබ සිදුවීමක් බවට පත් වුණා.
තරගයෙන් දිල්ලි කැපිටල්ස් පිල පරදා ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූ අතර, තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ලකුණු 73* (43) ක් රැස් කළ සූර්යකුමාර් යාදව්.
ඔහු සිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව නිවේදන කටයුතුවල නිරත වූ Harsha Bhogle විමසූ පැනයන්ට පිළිතුරු ලබා දුන්නේ වර්ෂාව මැද කුඩයක් ද ඔසවා ගනිමින් වීම විශේෂත්වයක්.
Ever seen a post-match interview like this? ☂😉
P.S. – A special shoutout by @surya_14kumar for his POTM award 🫶💙#TATAIPL | #MIvDC | @mipaltan pic.twitter.com/BaVjhGSkix
— IndianPremierLeague (@IPL) May 21, 2025