වනිදු හසරංගගේ විශිෂ්ඨ පන්දු යැවීම අපතේ යවමින් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් Antigua and Barbuda Falcons කණ්ඩායම හමුවේ කඩුලු දෙකක පරාජයක් අත්කර ගැනීමට St Kitts and Nevis Patriots කණ්ඩායමට සිදු වුණා.
ශාන්ත කිට්ස් හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Nevis Patriots කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.
Mikyle Louis ලකුණු 63(36) ක් රැස් කළ අතර, වනිදු හසරංග පන්දු 14 කින් ලකුණු 23 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහරක් සමගින්.
පන්දු යැවීමේ දී මොහමඩ් අමීර් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Falcons කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
ජස්ටින් ග්‍රිව්ස් ලකුණු 30(16) ක් ලබා ගත් අතර, විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත්තා.
ඔහු දවා ගත් කඩුලු හතර පහතින් නරඹන්න –
Wanindu is awarded Dream11 MVP! Well done Chap 🙌🏾 #CPL24 #SKNPvABF#CricketPlayedLouder #BiggestPartyInSport #Dream11 pic.twitter.com/sjwsp0K1Nu
— CPL T20 (@CPL) September 8, 2024